Journal
Blogs & Articles
Thoughts, stories, and writing from Yesha Fernando.
Journal
Thoughts, stories, and writing from Yesha Fernando.









සමහර දවස්වල මට හිතෙනවා...ජීවිතය අපි හිතන තරම් මහා සිදුවීම්වලින් ලියවෙන්නේ නැහැ කියලා. අපි ජීවිතය කියලා නිර්වචනය කරන්න උත්සාහ කරන්නේ උපාධි, රැකියා උසස්වීම්, උසස් අධ්‍යාපන ජයග්‍රහණ, Achievements කියලා සමරපු දින, නැත්නම් අපි දන්නා කියන වගේම නොදන්න මිනිස්සු පවා අපිට අත්පුඩි ගැහුව, අපිව අගයපු මොහොතවල්. අන්න ඒ නිසාම අපි විශ්වාස කරනවා ජීවිතේ කියන්නේ මාර ලොකු ලොකු දේවල් වලින් පිරිලා තියෙන්න ඕනේ දෙයක් කියලා.

මම පොත් කියවන විදි කිහිපයක් තියෙනවා. ඒක පොතේ රචනා ශෛලිය, ලියවිලා තියෙන කරුණු වගේ විවිධ දේවල් මත තීරණය වෙන දෙයක්. සමහර පොත් මං එක හුස්මට ඇදලා දානවා ටෙකීලා ෂොට් එකක් වගේ. හැබැයි සමහර පොත් මං ඉවර කරන්නේ වින්ටේජ් වයින් එකක් වගේ දවස්, සති, මාස ගණනක් ළඟ තියන් හෙමි හෙමින්.

අද සටහන ඉතා කෙටියි.


ආදරය හැම වෙලාවේම පිස්සු හැදිච්ච මකරෙක් වගේ ඇවිත් ඔයාගේ ඇඟේ හැපෙන්නේ නැහැ. ඔයා දන්නේ 'පළමු බැල්මෙන් ඇතිවන ආදරය' ගැන විතරයි නම් අපිට කතා කරන්න පුළුවන් ' දෙවැනි බැල්මෙන් ඇතිවෙන ආදරය' ගැන. චෙරි මල් පියලි පෙරළෙන සෙන් විහාරයක සන්සුන් බවත්, දයාර්ද නිවීමත් ගෙනෙන මේ ' දෙවැනි බැල්මෙන් ඇතිවෙන ආදරය' හඳුන්වන්න ජපන් ජාතිකයින් ලස්සන වාඛ්‍යයක් කියනවා. ඒ "Koi no yokan"

ඔයාට නොකියා ඔයාට ආදරේ කරපු කව්රුහරි කෙනෙක් ගැන ඔයා දන්නවද? නෑ..., ඒත් ආදරය නිසාම අතහැරිය යුතුව තිබුණු කෙනෙක් ගැන මං දන්නවා.